Thursday, March 24, 2016

ධම්මික රණතුංගට තරයේ අවවාද

From Neth FM
උසාවියේ මෙහෙම නම් වරායේ කොහොමදැයි සිතාගත හැකි බවත් කියයි

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24) නියෝග කර තිබෙනවා.

ධම්මික රණතුංග මහතාට මෙහිදී තරයේ අවවාද කර ඇති බවද සඳහන්. 

ජනතා මුදලින් නඩත්තුවන තමන් වැනි පුද්ගලයකු අධිකරණ පරිශ්‍රයේදී හැසිරෙන්නේ මෙසේ නම් වරාය අධිකාරියේ හැසිරෙන ආකාරය අධිකරණයට සිතා ගත හැකියි යනුවෙන්ද සඳහන් කර තිබෙනවා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන්ද ප්‍රශ්න කර ඇත්තේ කෙසෙල්වත්ත පොලිසියට පැමිණ සටහන් තබා ප්‍රකාශයක් ලබා නොදී යැවීම සම්බන්ධයෙන් ඔහුට විශේෂ වරප්‍රසාදයක් දැක්වූයේ ඇයිදැයි යනුවෙනි. 

තම සහෝදරයාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු කරන්න යැයි ද ඔහුට අවවාද කර තිබෙනවා.

උසාවි පරිශ්‍රයේදී මාධ්‍යවේදියාව පටිගත කළ බව කියන ඔහුගේ ජංගම දුරකතනය පොලිසියට බාර දෙන ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත් වැඩිදුර විභාගය ජූලි 28 වැනි දාට කල් තබණු ලැබුවා.

No comments:

Post a Comment