Sunday, March 6, 2016

ප්‍රේමයට ඉඩ ඉල්ලා නිදහස් මැදුරේ නිහඬ විරෝධතා

From Neth FM
කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ වාඩිවී සිටි යුවලක් ආරක්ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් හේතු විරහිතව ඉවත් කිරීමට දරන උත්සාහයක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි හරහා සංසරණය වෙමින් පවතිනවා.

කිසිදු ආකාරයේ අශෝභන හැසිරීමක් නොකළ බව පැවසෙන මෙම යුවළට ආරක්ෂක නිලධාරීන් බාධා කරන්නේ පෙම්වතුන්ට එම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ නොමැති බවට නීතියක් ඇති බව සඳහන් කරමින්.

නිදහස් චතුරශ්‍රයට පැමිණ සිටි පෙම්වතුන් යුවළක් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබීමට විරෝධය පළ කොට නිදහස් චතුරශ්‍රයේ නිහඬ ජන හමුවක් මේ වන විට පැවැත්වෙනවා.

Me and my girlfriend were just sitting and chilling at Independence square and these idiots came and said that it was culturally wrong for a male and female to sit together at a public space. According to these idiots we have to have a child with us to sit together at independence square. I urge all you lovers or couples to go there and do the same. Lets see what these idiots do again.
Posted by Mirshad Buckman on Friday, March 4, 2016

No comments:

Post a Comment